පැරිසියේ පිහි ප්‍රහාරයට හත්දෙනෙකු අත්අඩංගුවට

Saturday, 26 September 2020 - 13:57

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රකාශන කාර්යාලයක් ඉදිරිපිට ඊයේ සිදුවූ පිහි ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ මහම්මද්තුමාට අපහාස වන අන්දමේ කාටූන් පළ කළ බව චෝදනා එල්ලවූ උපහාසාත්මක චාලි හෙඞ්බෝ සඟරාව පවත්වාගෙන ගිය කාර්යාලය ඉදිරිපිටයි.

2015 වසරේදී ඊට ඉස්ලාමීය අන්තවාදීන් එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඉන්පසු එම ගොඩනැගිල්ල භාවිත කළේ රූපවාහිනී නිෂ්පාදන ආයතනයක් විසින්.

මස් කපන පිහියක් රැගෙන ඊයේ මෙම ප්‍රහාරය එල්ල කළ 18 හැවිරිදි තරුණයා පාකිස්ථාන සම්භවයක් සහිත අයෙකු බවයි වාර්තාවන්නේ.

ඔහු සිද්ධිය ඇතිවූ ස්ථානය අසළදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, තවත් හයදෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන තිබෙනවා.

පුද්ගලයන් දෙදෙනෙකු මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ අතර, එය ඉස්ලාමීය ත්‍රස්තවාදී සිද්ධියක් ලෙසයි ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා හැඳින්වූයේ.