දැඩි ආරක්ෂාවක් මැද රොහාගේ අවසන් කටයුතු අඟුලානේදී (වීඩියෝ)

Saturday, 26 September 2020 - 19:40

%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%BB%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

ට්‍රෝලර් යාත්‍රාවකින් ඉන්දියාවට පලායාම සඳහා මීගමුව - කොච්චිකඬේ ප්‍රදේශයේ සැගව සිටියදී පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවෙන් මියගිය රත්මලානේ රොහාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා.

ඒ අඟුලාන ශාන්ත ෂේවියර් දේවස්ථාන සුසාන භූමියේදීයි.

හිරු වාර්තාකරු සඳහන් කළේ අවමඟුල් උත්සවය පැවැත්වුණු කාලසීමාවේ එම ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක් මෙන්ම සිවිල් පොලිස් නිලධාරින් හා බුද්ධී අංශ නිලධාරින් ද යොදවා තිබූ බවයි.

මේ අතර, රත්මලාන රොහාගේ මරණය සැමරීමට සූදානම් වූ කුඩු අංජුගේ සොහොයුරිය ඇතුළු 4 දෙනා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද(26) නියෝග කළා.

දෙහිවල - ගල්කිස්ස නගර සභා පොදු සුසාන භූමියේ පිහිටි රත්මලාන රොහා විසින් ඝාතනයට ලක් කළ කුඩු අංජුගේ බාල සොහොයුරා වන ලන්සියා නමැත්තාගේ සොහොන මලින් සරසා එය සැමරීමට අදාල පිරිස කටයුතු සූදානම් කර තිබියදී ඊයේ රාත්‍රියේ මොවුන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
 
අදාළ සොහොනට ඩ්‍රෝන යානාවක් මගින් මල් ඉසීමට ද සූදානම් කර තිබූ අතර පසුව එම ඩ්‍රෝන යානාව ද පොලිස් භාරයට ගැණුනා.

එම ඩ්‍රෝන යානාව කුලී පදනම මත ලබා දුන් කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ නිවස ද පොලීසිය අද පරීක්ෂාවට ලක් කළා.

එහි තිබූ තවත් ඩ්‍රෝන යානා කිහිපයක් සහ උපාංග කිහිපයක් පොලීසිය තම භාරයට ගත් අතර, ඒවා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

රොහාගේ මරණය සැමරීමට සූදානම් වන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පොලීසියට උපදෙස් ලබා දී තිබුණේ.

විදෙස්ගතව සැගව සිටින ප්‍රධාන හෙරොයින් ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල සාමාජිකයෙකු ද වන අමල් සිංහාරා හෙවත් කුඩු අංජු නමැත්තා, රොහා මියගිය බව සැලවීමත් සමඟ සිය සතුට පළ කරමින් ෆේස්බුක් ගිණුමක සටහන් කිහිපයක් තබා තිබුණා.

කුඩු අංජු සහ රත්මලානේ රොහා අතර විරසකයක් හට ගෙන තිබුණේ 2016 වසරේ ජුනි 23 වනදා මහර අධිකරණය ඉදිරිපිටදී කුඩු අංජුගේ සහෝදරයෙකු වන සිංහාරගේ සුරේෂ් අසංක ද සිල්වා හෙවත් ලන්සියා ඝාතනය කිරීමත් සමඟයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories