සාදයක් වටලා මත් මුද්දර සහ මත්පෙති සමග 9ක් අත්අඩංගුවට (වීඩියෝ)

Sunday, 27 September 2020 - 7:04

%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


තෙලිකඩ දීපගොඩවත්ත ප්‍රදේශයේ පැවති සාදයක් වටලා මත් මුද්දර මත් පෙති සහ තවත් මත් ද්‍රව්‍ය සමග සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත්තේ තෙලිකඩ පොලිසිය විසින්.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබී රුපියල් එක් ලක්ෂ හැට දහසක් පමණ වටිනා මත් මුද්දර 40ක් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා මත් පෙති 20ක් සහ ලක්ෂ දෙකක් පමණ වටිනා තවත් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

මහනුවර සහ කොළඹ ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 සහ 30 අතර වයස්වල පසුවන සැකකරුවන් වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව සඳහන්.

තෙලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories