අංගොඩ ලොක්කාගේ මවගෙන් සහ සහෝදරියගෙන් පොලීසිය ප්‍රශ්න කරයි (වීඩියෝ)

Sunday, 27 September 2020 - 7:26

%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ඉන්දියාවේදී ඝාතනයට ලක්ව මියගිය බවට සැක කරන ලසන්ත චමින්ද පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාගේ මව සහ සොහොයුරියකගෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය ඊයේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ මුදල් භාවිත කර රැස් කර ඇති දේපල සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීම සඳහායි.

උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මීට පෙර කළ දැනුම්දීමකට අනුව ඔවුන්ගෙන් මෙලෙස ප්‍රකාශයක් සටහන් කර ගත් බවයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාට අයත් දේපල රැසක් පසුගිය දිනවලදී පොලීසිය සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සොයා ගැණුනා.

එමෙන්ම, සැකකරු ඉන්දියාවේදී මියගොස් ඇති බවට සැක කෙරෙන අතර, ඒ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ ඥාතින්ගෙන් ඩී.එන්.ඒ සාම්පල ලබාගෙන ඉන්දීය පොලීසිය වෙත මීට පෙර යොමුකර තිබුණා.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ තොරතුරු යොමුකරන පනතේ නීතිමය ප්‍රතිපාදනවලට අනුව අදාළ ඩී.එන්.ඒ සාම්පල එවන ලෙස ඉන්දීය පොලීසිය සිදුකළ දැනුම්දීමකට අනුව යළිත් ඒවා ලබාදීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories