ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට කාන්තාවක් නම් කරයි

Sunday, 27 September 2020 - 9:33

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවේ ප්‍රවීන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වූ රූත් ගින්ස්බර්ග් ගේ අභාවයෙන් පුරප්පාඩු වූ ධුරයට ජනපති ට්‍රම්ප් විසින් ඇමී කූනි බැරට් නම් කර තිබෙනවා.

48 හැවිරිදි බැරට්  කන්සර්වටිව් මතධාරිනියක වන අතර, ඒ අනුව විනිසුරුවන් 9 දෙනෙකුගෙන් යුත් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණාත්මක බලයක් ජනපති ට්‍රම්ප්ට හිමිවනු ඇති.

ලබන නොවැම්බර් 3 වනදා පැවැත්වෙන ඇමරිකානු ජනපතිවරණයේදී මතුවිය හැකි මතභේදකාරී තත්ත්වයකදී එය විශේෂයෙන් බලපාන කරුණක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් ඇමී බැරට්ගේ නම, අනුමත නොකරන ලෙසට ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂක ජෝ බයිඞ්න්, ඇමරිකානු සෙනෙට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු කියා සිටින්නේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පුරප්පාඩුවට විනිසුරුවරයෙකු නම් කළ යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories