ත්‍රිකුණාමල වරායට පැමිණි ඉන්දීය නෞකාවක 17කට කොරෝනා

Sunday, 27 September 2020 - 10:58

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+17%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
ඉන්දියාවේ සිට අයි. ඕ.සී. සමාගමට ඉන්ධන රැගෙන ත්‍රිකුණාමල වරායට පැමිණි  නෞකාවක සිටි ඉන්දීය ජාතික කාර්ය මණ්ඩලයේ  17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම නෞකාවේ කාර්ය මණ්ඩලය සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් කිහිපදෙනෙකුද නිරෝධායනය සඳහා යොමුකළ බවයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

පසුගිය  25 වනදා අදාළ නෞකාව  ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 4,000 ක් රැගෙන ඉන්දියාවේ සිට කොළඹ වරායට පැමිණ ඇති අතර, ඉන් අනතුරුවයි නෞකාව ත්‍රිකුණාමල වරායට පැමිණ ඇත්තේ.

එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමෙන් ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනුනා.

ඉන් අනතුරුව නෞකාවේ සම්පූර්ණ කාර්ය මණ්ඩලයම පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු ඉන් 17 දෙනෙකුටම කොරෝනා ආසාදනය වී  ඇති බවට හඳුනා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම නෞකාවේ කාර්ය මණ්ඩලය කොළඹ වරායෙන් හෝ ත්‍රිකුණාමල වරායෙන් රට තුළට ඇතුලූවී මෙරට පුද්ගලයින් සමඟ සමීප සබඳතා පවත්වා නොමැති බවටයි වාර්තාවන්නේ.  

මේ අතර, ඊයේ දිනයේදී ආසාදිතයින් 4 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3349 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කුවේට් රාජ්‍යයෙන් පැමිණි 3 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි ආසාදිතයෙකු ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත්  කොරෝනා ආසාදිතයන් 88,600 ක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා  ආසාදිතයන් සංඛ්‍යාව 59 ලක්ෂ 92,532 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඊයේ දිනය තවත් කොරෝනා මරණ 1,124 ක් වාර්තාවීම නිසා එරට කොරෝනා මරණ සංඛ්‍යාවද 94,534 දක්වා ඉහළ ගියා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ කොරෝනා ආසාදනය වූ 49 ලක්ෂ 40,000ක් දෙනා මේ වනවිට සුවය ලබා ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories