කෘත්‍රිම හිඟයට පිළියම් ලෙස සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ තීරණයක්

Sunday, 27 September 2020 - 12:45

%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වෙළඳපොල තුළ ඇතිවිය හැකි කෘත්‍රිම සහල් හිඟයකට පිළියම් ලෙස සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය  කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වැඩි වශයෙන් භාවිත කරන සහල් වර්ගය නාඩු සහල් වර්ගයි.

සම්බා මෙන්ම රතු කැකුළු සහල්ද මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරනු ලබනවා.

එමෙන්ම මෙරට මාසික සහල් පරිභෝජනය සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ දෙකක්.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දත්තවලට අනුව එම සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ දෙක නිපදවීම සඳහා  අවශ්‍ය වන වී තොගවලින්  සියයට 95ක්ම මේ වනවිටත් රජයේ සහ පෞද්ගලික වී ගබඩා වෙත ලැබී තිබිය යුතුයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එම ගණනය කිරීම සිදුකරනු ලබන්නේ වගා කරන වී වර්ගය, බිම් ප්‍රමාණය, සපයනු ලබන පොහොර ප්‍රමාණය ආදිය සැළකිල්ලට ගනිමින්.

කෙසේ වෙතත් පසුගියදා මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන් ඇතුලූ සියලූ වී මෝල් හිමියන් කැඳවා සිදුකළ සාකච්ඡාවකදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කුමක් සඳහන් කළද තම ගබඩා සතුව එම සංඛ්‍යාලේඛනවලට සමාන වී තොග නොපවතින බවයි.

වෙළඳ අමාත්‍යාංශය පවසන්නේ මෙම ප්‍රකාශ ඉදිරි මාසවලදී වෙළඳපොලේ කෘත්‍රිම සහල් හිගයක් පෙන්වමින් මිල වැඩි කිරීමේ උත්සාහයක් යැයි අනුමාණ කළ හැකි බවයි.

සාමාන්‍යයෙන් සෑම වර්ෂයකදීම ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල මෙරට සහල් වෙළඳපොලේ හිඟයක් ඇති කිරීමට ඇතැම් ව්‍යාපාරිකයන් උත්සාහ කිරීම සුලබ කරුණක්.

මෙවරද එවැනි තත්ත්වයක් ඇති කිරීමට ඉඩ නොතබා කෘත්‍රිම හිඟයක් ඇති කිරීමට උත්සාහ දැරුවොත් එය පාලනය කිරීම සඳහා මෙලෙස සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණය කළ බවයි වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories