නවසීලන්ත අගමැතිනිය යළි බලයට පත්වන බවට අනාවැකි

Sunday, 27 September 2020 - 15:11

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%9A%E0%B7%92
වසර 150 කින් නවසීලන්තයේ ලාබාලතම නායිකාව බවට පත්වූ 40 හැවිරිදි අගමැතිනි ජසින්ඩා ආඩන් ලබන මාසයේ පැවැත්වෙන මහමැතිවරණයෙන් යළි බලයට පත්වනු ඇතැයි මත සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

අද(27) ප්‍රකාශයට පත් වූ නිව්ස්හබ් - රීඩ් පර්යේෂණ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජසින්ඩා ආඩන්ගේ කම්කරු පක්ෂය මැතිවරණයේදී සියයට 50 යි දශම 1 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනු ඇති.
 
එය මේ වසර මුලදී පැවති සියයට 60 යි දශම 9 ක ජනප්‍රියත්වයට සාපේක්ෂව අපගමනයක් වුවත්, ප්‍රධාන විපක්ෂය වන ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය සියයට 30 නොඉක්මවනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

කොරෝනා වෛරස් ව්‍යාපෘතිය සාර්ථක ලෙස පාලනය කළ රටක් ලෙස නවසීලන්තය කීර්තිමත් වූයේ ඇගේ නායකත්වය යටතේ බව බොහෝදෙනාගේ අදහසයි.

දින 102 ක් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ නවසීලන්තයේ - ඕක්ලන්ඩ් නුවර පසුගිය මාසයේ දෙවැනි කොරෝනා රැල්ලක් වාර්තා වුණ.