ට්‍රම්ප්ගේ ටික්ටොක් තහනම ගැන අධිකරණ තීන්දුව අද

Sunday, 27 September 2020 - 16:04

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
ට්‍රම්ප් පරිපාලනයේ ටික්ටොක් තහනමට එරෙහිව එහි හිමිකාර චීන බයිට් - ඩාන්ස් සමාගම ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් වොෂින්ටන් දිස්ත්‍රික් අධිකරණය අද(27) සිය තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතයි.

ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකමින් ජනප්‍රිය ටික්ටොක් මෘදුකාංග යෙදවුම බාගත කිරීම් තහනම් කිරීමට ජනපති ට්‍රම්ප් සිදුකළ නියෝගය ඇමරිකානු වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියෙන් පසු ක්‍රියාත්මකයි.

ඊට පෙර ටික්ටොක් යෙදවුම පිලිබඳ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි වොෂින්ටන් දිසා විනිසුරු කාල් නිකලස් ප්‍රකාශ කළේ.

කෙටි වීඩියෝ දසුන් හුවමාරු කර ගැනීමේ ටික්ටොක් මෘදුකාංග යෙදවුම පරිශීලනය කරන ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව මිලියන 100 ඉක්මවන අතර, ලොවපුරා මිලියන 700 ක් අතර එය මේ වනවිට භාවිත වනවා.