වසර 10ක් ආදායම් බදු නොගෙවූ බවට ට්‍රම්ප්ට චෝදනා

Monday, 28 September 2020 - 8:06

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ටික් ටොක් යෙදවුම ඇමරිකාව තුළ තහනම් කිරීමට ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගියදා ගෙන තිබූ තීරණය තාවකාලිකව ඉවත් කරන ලෙස එරට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, ට්‍රම්ප් පරිපාලනයේ ටික්ටොක් තහනමට එරෙහිව එහි හිමිකාර චීන බයිට් - ඩාන්ස් සමාගම ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් වොෂින්ටන් දිස්ත්‍රික් අධිකරණය ඊයේ සිය තීන්දුව ප්‍රකාශ පත් කරමින්.

ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකමින් ජනප්‍රිය ටික්ටොක් මෘදුකාංග යෙදවුම බාගත කිරීම් තහනම් කිරීමට ජනපති ට්‍රම්ප් සිදුකළ නියෝගය ඇමරිකානු වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා.

මේ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා වසර 10 ක කාලයක් තම ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත චෝදනා කරනවා.

එම පුවත්පත නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ ඔහු ආදායම් බදු ගෙවා ඇත්තේ 2016 සහ 2017 වසරට අදාළව ඇමරිකානු ඩොලර් 750 ක මුදලක් පමණක් බවයි.

කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ තමන් ආදායම් බදු ගෙවා ඇති අතර, බදු වාර්තා ලද විගස ඊට පිළිතුරු දීමට සූදානම් බවයි.