ජපානයේ සම්මානනීය නිලියක් සියදිවි හානිකරගනී (ඡායාරූප)

Monday, 28 September 2020 - 10:37

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ජපානයේ සම්මානනීය නිළියක වන යූකෝ ටකෙයුචි ටෝකියෝහි පිහිටි තම නිවසේදී සියදිවි හානි කරගෙන තිබෙනවා.

40 හැවිරිදි යූකෝ ජපානයේ ජනප්රිය චිත්රපට හා ටෙලි කතා මාලා නිලියක වන අතර, ඇමරිකාව ඇතුලු රටවල් ගණනාවක විකාශය වූ ෂර්ලොක් හෝම්ස් චරිතය අනුකරණය කළ කාන්තා කතා මාලාව වන, මිස් ෂර්ලොක් කථා මාලාවේ ප්රධාන චරිතයද නිරූපණය කළ නිළියයි.

2004 සහ 2007 අතර කාලයේ ජපානයේ හොඳම නිළිය සම්මානය ඇය විසින් වසර තුනක් එක දිගට හිමිකරගෙන තිබෙනවා.

යූකෝ ටකෙයුචිගේ ස්වාමි පුරුෂයා වන ජනප්‍රිය නළු ටායිකි නකෙබයාෂි ප්‍රකාශ කර ඇත්තේ සියදිවි හානිකරගෙන සිටි යූකෝගේ දේහය තම නිවසේ කාමරයක තිබී හමුවූ බවයි.

ජපානය ලෝකයේ සියදිවි හානිකරගැනීම අතින් ඉහළ ස්ථානයක පසුවන අතර, මේ මස ආරම්භයේදී එරට තවත් නිළියක වන සෙයි අෂීනා ද මෙලෙස සියදිවි හානිකරගෙන තිබුණා.

එමෙන්ම මීට පෙර මෙම වසරේ මැයි හා ජූලි මාසවලදී තවත් නළුවන් දෙදෙනෙකු සිය දිවි හානිකරගැනීමේ සිද්ධීන් වාර්තා වුණා.