අසර්බයිජාන - ආමේනියා දේශසීමා ගැටුම ගැන ලෝක නායකයින්ගේ අවධානය

Monday, 28 September 2020 - 13:07

%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1+-+%E0%B6%86%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
යළි උග්‍රවී ඇති අසර්බයිජානය සහ ආමේනියාව අතර දේශසීමා ගැටුම් වහා නවතන ලෙස ලෝක නායකයින් ඉල්ලීමක් කරනවා.

පැරණි සෝවියට් දේශයට අයත් රාජ්‍යයන් දෙකක් වන මෙහි නගෝනෝ හා කරබාක් කලාපය මුල් කරගනිමින් දෙපාර්ශවය අතර ඊයේ ඇතිවූ ගැටුම්වලින් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව විසි හතරක්.

අදාළ කලාපය ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලබන්නේ අසර්බයිජානයේ කොටසක් ලෙස වන අතර, එය ආමේනියානු වැසියන් විසින් පාලනය කරනු ලබනවා.

මෙහි තවදුරටත් ගැටුම් පවතින අතර, ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඞ්න්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, තුර්කි ජනාධිපතිවරයා මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස්ද අවධාරණය කරන්නේ මෙම දේශසීමා ගැටුම් වහා නතර කිරීමට දෙපාර්ශවයම පියවර ගත යුතු බවයි.