උදානගේ අවසන් පන්දුවාරයේදී ලකුණු සමකරමින් සුපිරි පන්දුවාරයක් දක්වා ගිය තරඟයේ ජය බැංගලෝර් උදුරා ගනී (වීඩියෝ)

Tuesday, 29 September 2020 - 8:20

%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ (28) පැවති තරඟය තියුණු සටනකින් අනතුරුව ජය ගන්නට රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

සුපිරි පන්දුවාරයකින් ජයග්‍රාහකයින් තීරණය වූ මෙම තරඟයේ බැංගලෝරයේ ප්‍රතිවාදීන් බවට පත් වුණේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

මෙම තරඟයේදී මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ එකම ශ්‍රී ලංකා නියෝජනය වන ඉසුරු උදානට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 03ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී බැංගලෝරය වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් යුගලය වන ආරන් ෆින්ච් සහ දේව්දත් පඩික්කල් අර්ධ ශතක රැස් කරමින් එම ඉනිම ශක්තිමත් කළා.

ඒ.බී. ඩිවිලියස් ද නොදැවී ලකුණු 55ක් රැස්කරමින් බැංගලෝර් ඉනිම ගොඩනැගීම සඳහා දායක වූ අතර විරාට් කෝලිට රැස්කර ගත හැකි වුයේ ලකුණු 03ක් පමණයි.

පන්දු යැවීමේදී ට්‍රේන්ට් බෝල්ට් බැංගලෝර් කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ අනුව ලකුණු 202ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් ආරම්භක සම්බන්ධතාවය දිගු දුරක් රැගෙන යාමට බැංගලෝර් පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්නේ රෝහිත් ශර්මා ලකුණු 08ක් ලබාගෙන සිටියදී දවා ගැනීමට හැකිවීමත් සමඟයි.

ශර්මාගේ දැවීයාමෙන් පසු පිටිය පිවිසි සූරියකුමාර් යාදව් ආ සැනින් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ඉසුරු උදානගේ උපක්‍රමශීලි පන්දු යැවීමට හැකි වුණා.

කෙසේ වෙතත් මුම්බායි ඉනිම ක්‍රමක්‍රමයෙන් ගොඩනගන්නට මැදපෙළ පිතිකරු ඉෂන් කිෂාන්ට හැකියාව ලැබුණා.

ඒ අනුව අවසානයේ මුම්බායි පිළට ජයගහණය වෙනුවෙන් අවසන් පන්දුවාරය තුල ලකුණු 19ක් ලබාගැනීමට තිබූ අතර එම පන්දුවාරය යැවීමේ වගකීම කෝලි විසින් ලබාදුන්නේ ඉසුරු උදානටයි.

එම පන්දුවාරයේ පළමු පන්දු දෙකට එක් ලකුණ බැගින් ලබාගන්නා මුම්බායි පිල තුන්වන සහ සිව්වන පන්දුවලට හයේ පහර දෙකක් එල්ල කරනවා.

බැංගලෝරයට හිසරදයක්ව තිබූ ඉෂන් කිෂාන්ගේ ඉනිම නිමා කරන්නට ඉසුරු උදාන එම පන්දුවාරයේ පස්වන පන්දුවේ දී සමත් වූණේ බැංගලෝර් ජයග්‍රහණයට වැඩි අවස්ථාවක් සලසා දෙමින්.

එහිදී ඉෂන් කිෂාන් පන්දු 58කදී ලකුණු 99ක් ලබා ගන්නා අතර ඔහුට අනගි සහයක් ලබාදෙමින් කිරන් පොලාඩ් නොදැවී ලකුණු 60ක් රැස් කළේ දැවැන්ත හයේ පහර 05ක්ද සමඟින්.

මුම්බායි ඉනිමේ අවසන් පන්දුවට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු පහක ඉලක්කයක් ලබාගැනීමට අවශ්‍යව තිබුනද එම පන්දුවට ඔවුන්ට ලබාගැනීමට හැකිවන්නේ ලකුණු 04ක් පමණයි.

ඒ අනුව මුම්බායි ඉනිම කඩුලු 05ක් දැවී ලකුණු 201කට සීමා වනවා.

දෙපිළම ලකුණු සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් තරඟයේ ජයග්‍රාහකයින් විස්සයි විස්ස තරඟ නීති අනුව සුපිරි පන්දුවරයකින් තෝරා ගැනීමට විනිසුරුවරුන් තීරණය කරනවා.

සුපිරි පන්දු වාරයේ පළමුව පන්දුවට පහර දෙන මුම්බායි පිළ එම පන්දු වාරයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 07ක් ලබා ගන්නවා.

ඒ අනුව බැංගලෝරයට ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි පන්දු වාරයේ ලකුණු 08ක් ලබාගැනීමට සිදුවන අතර එම පන්දුවාරය තුල ලකුණු 11ක් රැස් කරමින් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම තරඟය ජය ගැනීමට සමත් වනවා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්..





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories