සෑම මැතිවරණ කොට්ඨාශයකට ඒකක 100කින් යුත් මහල් නිවාස සංකීර්ණයක්

Tuesday, 29 September 2020 - 9:51

%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A+100%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැතිවරයාගේ බලය අඩු නොවන අතර, අදාළ කෙටුම්පත පිළිබඳව ආණ්ඩුව එක මතයක සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ අද(29) උදෑසන පැවති විශේෂ හමුවකට එක්වෙමින්.

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැන සොයා බැලූ කමිටු වාර්තාවේ, අග්‍රාමාත්‍යවරයා ද එකඟ නිර්දේශ, කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට එකඟතාවක් පවතින බව අමාත්‍ය විමල් වීරවංශ එම හමුවේදී සඳහන් කළේ.

එමෙන්ම, සෑම මැතිවරණ කොට්ඨාශයකට නිවාස ඒකක 100කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි එම හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කළේ.

එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක්වූ අතර, අදාළ ගිවිසුම අත්සන් කිරීමට මේ වන විට කිසිදු සාකච්ඡාවක් රජය පවත්වා නොමැති බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කළා.