දෙණියායේ පදිංචි සිසුවියක් අතුරුදන් (වීඩියෝ)

Tuesday, 29 September 2020 - 15:42

%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දෙණියාය - ඉදුරදෙණිය ප්‍රදේශයේ පදිංචි සිසුවියක් අතුරුදන් වී ඇති බවට ඇයගේ දෙමව්පියන් විසින් මාතර පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

17 හැවිරිදි ඇය මාතර නගරයේ පැවති උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා පෙරේදා නිවසින් පැමිණ ඇති බවයි දෙමව්පියන් කියා සිටියේ.

නේවාසිකාගාරයක රැඳී සිටිමින් ඇය මාතර නගරයේ පැවැත්වෙන උපකාරක පන්තිවලට මීට පෙර සහභාගි වී තිබෙනවා.

කෙසේ වෙතත් උපකාරක පන්තියට සහභාගිවී පෙරේදා ඇය යළි නේවාසිකාගාරයට පැමිණීම සඳහා පිටවූවත් ඇය පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙනුයි මෙලෙස දෙමව්පියන් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය මේ වනවිට සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගනිමින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර නිවසින් අතුරුදහන් වු 15 හැවිරිදි පාසල් දැරියකගේ සිරුරක් කොත්මලාඔයට ජලය ගලා බසිනා නානුඔය ඩෙස්පොඩ් ඇළේ තිබි අදපෙරවරුවේ හමුවී තිබෙන අතර පොලිසිය ඒ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.