ට්‍රම්ප් - බයිඩන් ප්‍රථම රූපවාහිණි සංවාදය අද

Tuesday, 29 September 2020 - 15:46

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+-+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
නොවැම්බර් 03 වැනිදා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් අතර ප්‍රථම රූපවාහිණි සංවාදය අද පැවැත්වෙනවා.

එහිදී ජනපති ට්‍රම්ප් ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනා පිළිබඳව ජෝ බයිඩන් විසින් ප්‍රශ්න කරනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ප්‍රකෝටිපතියෙකු ලෙස තමා විසින්ම හඳුන්වන ජනපති ට්‍රම්ප් පසුගිය 2016, 2017 වසරවලදී ගෙවා ඇත්තේ ඩොලර් 750 ක බද්දක් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගිය ඉරිදා හෙලිදරව් කළා.

ජනපති ට්‍රම්ප් එය ව්‍යාජ පුවතක් ලෙස බැහැර කළද එය මේ වනවිට ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රචාරක පාඨයක් බවට පත්වී අවසන්.