කොරෝනා මරණ මිලියනය ඉක්මවීම ශෝකජනක සන්ධිස්ථානයක් - ජගත් මහ ලේකම් කියයි

Tuesday, 29 September 2020 - 19:28

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොවිඞ් 19 ගෝලීය වසංගතයෙන් මියගිය ලෝකවාසීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවීම ශෝකජනක සන්ධිස්ථානයක් බව ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කළා.

එලෙස අහිමිවූ සෑම ජීවිතයක් පිළිබඳවම අවධානය ඉවත නොදැමිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

එලෙස මියගොස් ඇත්තේ පියවරුන්, මව්වරුන්, බිරින්දෑවරුන්, සැමියන්, සහෝදරයන්, සහෝදරියන්, මිතුරන් සහ සහෘදයන් බවද ජගත් මහ  ලේකම්වරයා සිහිපත් කළා.

ඒ අනුව කොවිඞ් 19 මරණ මිලියනයේ වේදනාව එමෙන් කිහිප ගුණයක් වන බවයි මහලේකම් අන්තෝනියෝ ගුටේරස් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

එමෙන්ම වෛරස් ව්‍යාප්තිය අවසන් වන ආකාරයක් තවමත් දක්නට නැහැ.

රැකියා අහිමිවීම, අධ්‍යාපනය අඩාලවීම ඇතුලූ අභියෝග රැසක් තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

මේ නිසා වගකීමෙන් යුතු නායකත්වය, විද්‍යාව සහ සහයෝගීතාව වැදගත් වන අතර, වැරදි තොරතුරු, වසංගතය තවදුරටත් උත්සන්න කරනු ඇති බවද ජගත් මහ ලේකම්වරයා කියා සිටියා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories