අතුරුදන් වූ දෙණියායේ සිසුවියගේ දුරකථනය විසන්ඳි වෙයි

Wednesday, 30 September 2020 - 10:04

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B3%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දෙණියාය - ඉදුරදෙණිය ප්‍රදේශයේ පදිංචි සිසුවියක් මාතරදී අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මාතර කොට්ඨාසය භාර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන අතර, අදාළ සිසුවියගේ දුරකථන සම්බන්ධතා සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකිරීමට නියමිතයි.

මේ වනවිටත් ඇයගේ දුරකථනය විසන්ධි වී ඇතිි බවද මාතර ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු සඳහන් කළා.

ඔහු කියා සිටියේ මෙම සිසුවිය මාතර ප්‍රදේශයේ පිහිටි සිය නේවාසිකාගාරයට ගොස් ඇගේ ඇඳුම් සියල්ලද රැගෙන ගොස් ඇති බවයි.

17 හැවිරිදි ඇය මාතර නගරයේ පැවති උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා පසුගිය 27 වනදා නිවසින් පැමිණ ඇති බවයි දෙමව්පියන් කියා සිටියේ. නේවාසිකාගාරයක රැඳී සිටිමින් ඇය මාතර නගරයේ පැවැත්වෙන උපකාරක පන්තිවලට මීට පෙර සහභාගි වී තිබෙනවා.

කෙසේ වෙතත් උපකාරක පන්තියට සහභාගිවී ඇය යළි නේවාසිකාගාරයට පැමිණීම සඳහා පිටවූවත් ඇය පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙනුයි මෙලෙස දෙමව්පියන් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත්තේ.