කටානේ කොල්ලය ගැන විමර්ශන ඇරඹේ (වීඩියෝ)

Wednesday, 30 September 2020 - 17:20

%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් කටාන - අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක තිබූ රුපියල් කෝටි 3කට ආසන්න මුදල් සහ රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ ස්ථානයට පොලිස් නිල සුනඛයින් ද කැඳවා ඇති අතර, වෑන් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් 6 දෙනෙකු අද පෙරවරුවේ නිවසට ඇතුළු වී එහි සිටි ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ අයවලුන් ගිනි අවි පෙන්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් කටාන - අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක තිබූ රුපියල් කෝටි 3 කට ආසන්න මුදල් සහ රන් ආභරණ කොල්ලකා අද පලාගොස් තිබුණා.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු අද උදෑසන එම නිවසට ඇතුළු වී එහි සිටි ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ සාමාජිකයින් ගිනි අවි පෙන්වා බිය ගන්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කොල්ලකරුවන් නිවසට පැමිණෙන ආකාරය නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල ද සටහන් වී තිබෙනවා.

ප්‍රථමයෙන් කොල්ලකරුවන් නිවසට ඇතුළු වී නිවසේ සිටි ව්‍යාපාරිකයා, බිරිඳ සහ ඔවුන්ගේ දියණිය, සාලයට ගෙන්වා ඇති අතර, පසුව නිවසේ තිබූ මුදල් සහ රන් ආභරණ කොල්ලකා ඇති බවටයි වාර්තා වන්නේ.

මීට අමතරව, නිවස පිටුපස පිහිටි ව්‍යාපාරිකයාට අයත් බේකරියක තිබූ මුදල් ද කොල්ලකා තිබෙනවා. කොල්ලකරුවන් පිටව යන අවස්ථාවේදී ව්‍යාපාරිකයා ඇතුළු නිවැසියන් උඩුමහලෙහි කාමරයකට දමා සිරකර පලාගොස් ඇති බවටයි ඔවුන් පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

සැකකරුවන් භාවිත කළ බවට සැකකෙරෙන අත් ආවරණ කිහිපයක් ද නිවසෙහි දමා ගොස් තිබියදී හමුවී ඇති අතර ඒ ඔස්සේ පොලිස් නිල සුනඛයින් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි කටාන පොලිස් ස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙම ව්‍යාපාරිකයා බීඩි සහ බේකරි නිෂ්පාදකයෙකු මෙන්ම ඉන්ධන පිරවුම්හල් හිමිකරුවෙකු ද වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories