තලගුලි කවා බස් මගීන්ගේ මුදල් කොල්ලකන ජාවාරමක් (වීඩියෝ)

Wednesday, 30 September 2020 - 19:34

%E0%B6%AD%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බස් රථවල ගමන් ගන්නා මගීන්ට අධි මාත්‍රාව සහිත ඖෂධ ඇතුළත් තල කැරලි ආහාරයට ලබාදී ඔවුන්ගේ මුදල් සහ රන් ආභරණ කොල්ලකෑමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

නුවරඑළිය - හැටන් මාර්ගයේ ධාවනය කෙරෙන මගී ප්‍රවාහන බස් රථවලින් මෙම තත්ත්වය වාර්තා වී ඇති අතර, අධි මාත්‍රාව සහිත ඖෂධ ඇතුළත් තල ආහාරයට ගැනීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇති බව ද නුවරඑළිය රෝහලේ විශේෂඥ වෛද්‍ය සංදීපන ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.  

මේ අතර, හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඔරුගොඩවත්තේ කුඩු පද්මිණීගේ ගෝලයෙකු වන බාබු නමැත්තා රුපියල් එක්ලක්ෂ 20,000ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 200 ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන කොට්ඨාශයට ලද තොරතුරකට අනුවයි.

ඒ අනුව සැකකරු ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී ඔහු සතුව තිබී රුපියල් 36,500ක මුදලක් ද සොයා ගෙන තිබෙනවා.

මේ අතර, තණමල්විල - හම්බේගමුව ප්‍රදේශයේ දී ගංජා කිලෝග්‍රෑම් 97ක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 ඊයේ අත්අඩංගුවට ගත් මොහු හම්බේගමුව - අරඹේකෙම ප්‍රදේශයේ පදිංචි 62  හැවිරිදි පුද්ගලයෙක්.