සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක් (වීඩියෝ)

Thursday, 01 October 2020 - 9:50

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B7%84%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක් පත්කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, සුරාබදු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී.

සුරාබදු නිලධාරීන්ගේ වෘත්තිය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තිය සමිති නියෝජිතයින් හා අග්‍රාමාත්‍යවරයා අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී.

දේශපාලන බලපෑම් මත සුරාබදු නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීම වහාම නවතාදමා සුදුසුකම් සපිරූ නිලධාරීන්ට පමණක් ස්ථාන මාරු ලබාදෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ ඒ අනුව ප්‍රතිලාභ ලබන ස්ථානවල සේවය කරන සුරාබදු නිලධාරීන් ස්ථාන මාරු ක්‍රම වේදයට අනුව නියමිත කාලයට මාරු කිරීමට පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන් බවයි.

මේ අතර, කොළඹ හින්දු විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ඊයේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.