කොරෝනා ව්‍යාප්තියත් සමඟ ස්පාඤ්ඤයේ අගනුවර යළි වැසේ

Thursday, 01 October 2020 - 12:17

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
කොරෝනා ව්‍යාප්තියත් සමඟ ස්පාඤ්ඤයේ මැඞ්රීඞ් අගනුවර යළි වසා දැමීමට එරට රජය කටයුතු කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවාවන්ට පමණක් නගරයෙන් පිටතට යාමට හැකි අතර, සියළු දේශසීමා වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය සති දෙකක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනයවූවන් එක්ලක්ෂ 33,604ක් එරටින් වාර්තා වී තිබෙනවා.

යුරෝපයේ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් වන අතර, වෛරසය ආසාදනය වූවන් 31,791 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. වාර්තා වන මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව හත්ලක්ෂ 69,188ක්.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් තුන් කෝටි 41 ලක්ෂ 59,232ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දස ලක්ෂ 18,792ක් ලෙසයි.