වැල්ලම්පිටියේ අධි බලැති විදුලි කණුවක නැගී පුද්ගලයෙකු විරෝධතාවයක (වීඩියෝ)

Thursday, 01 October 2020 - 15:52

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

වැල්ලම්පිටිය - නාගහමුල්ල මංසන්ධියේ අධි බලැති විදුලි රැහැන් සහිත කණුවක නැගී පුද්ගලයෙකු විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

එම පුද්ගලයා මෙලෙස විරෝධතාවයක් ආරම්භ කර ඇති හේතුව මෙතෙක් නොදන්වා ඇති අතර මේ හේතුවෙන් වැල්ලම්පිටියේ සිට දෙමටගොඩ දක්වා දිවෙන මාර්ගයේ රථවාහන තදබදයක් ද හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට අයත් ආපදා රථ යොදවා ඔහු බිමට බැස්සවීම සඳහා ක්‍රියා කරමින් පවතින බවයි හිරු වාර්තකරු සඳහන් කළේ.

මේ වනවිට අදාල අධි බලැති විදුලි කණුව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කර තිබෙනවා.