සරසවි ශිෂ්‍යාවකටත් කොරෝනා ආසාදනය වෙයි (වීඩියෝ)

Saturday, 10 October 2020 - 14:11

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පානදුර රෝහලේ හෙද නිලධාරිනියකගේ දියණියට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන කාන්තාවකගේ ඥාති දියණියක සමඟ විශ්වවිද්‍යාලයෙන් පිටත පෞද්ගලික නවාතැනක නතර වී සිට ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල නිවාඩු ලබාදීමත් සමඟ ඇය පසුගිය සතියේ පානදුර පිහිටි තම නිවස වෙත ගොස් තිබෙනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන කාන්තාවකගේ ඥාති දියණියක සමඟ නතර වී සිටින බැවින් ඇය පානදුර රෝහලේ දී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදියි ඇයට කොරෝනා ආසාදිත බව අනාවරණ වී ඇත්තේ.

මේ වන විට අදාළ කොරෝනා ආසාදිත විශ්වවිද්‍යාල සිසුවිය කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යවා ඇති අතර, එම රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ද ඇයට කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

අදාළ සිසුවියට කොරෝනා වැළඳීම හේතුවෙන් ඇයගේ මව සේවය කරන පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකය ඊයේ රාත්‍රියේ සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුනා.

එහි සේවය කළ වෛද්‍යවරුන් ඇතුලු 10 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි රෝහල් අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද කියා සිටියේ.