කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් තවමත් නැහැ - සෞඛ්‍ය ඇමතිනිය කියයි (විඩියෝ)

Saturday, 17 October 2020 - 8:07

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




කොරෝනා වෛරසය මෙරට සමාජ ව්‍යාප්තියක් දක්වා තවමත් වර්ධනය වී නොමැති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.

ඒ අද උදෑසන හිරු ටී වී ඔස්සේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.

මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් දැනට වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1901 ක් වනවා. ඒ අනුව මෙරටදී වාර්තාවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 5,354 ක් ලෙසටයි.

පිටකොටුව - මැනිං වෙළඳ සංකීර්ණයේ එක් වෙළඳසැලක සේවකයෙකුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනයවීමත් සමඟ පසුගියදා පී සී ආර් පරික්ෂණ සිදුකළ එම වෙළඳපොලේ පුද්ගලයන් 153 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවයි. කොළඹ නගරය ආශ්‍රිතව අද දිනයේදීත් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කෙරෙනවා.  

මේ අනුව කොළඹ මැනිං වෙළඳපොලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කොළඹ මැනිං වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක කියා සිටියා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත බවට පළමු පී සී ආර් පරීක්ෂණයෙන් තහවුරු වූ කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහකාරවරියට එම වෛසරය ආසාදනය වී නොමැති බවයි ඊයේ සිදුකළ දෙවන පී සී ආර් පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.

මෙම තත්ත්වයත් සමඟ ඇයට ඉදිරියේදී තවත් පී සී ආර්. පරීක්ෂණයක් සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළා.

එසේම ඌව - වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි සිසු සිසුවියන් 38 දෙනාගෙන් කිසිවෙකුට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර කියා සිටියා.

එසේම ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් අද දිනයේ පුද්ගලයින් 198 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් තිබෙනවා.  

අද දිනයේ වැඩිම පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත්තේ පම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වන අතර, එම සංඛ්‍යාව 50 ක්.

පුද්ගලයින් 53,395 දෙනෙකු මේ වනවිට නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර, මධ්‍යස්ථාන 86 ක් තුළ තවදුරටත් පුද්ගලයන් 9,415 දෙනකු නිරෝධායනය වෙමින් සිටින බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතරගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 කට පනවා ඇති ඇඳිරි නීතිය  තවදුරටත් ක්‍රියාත්මකයි.