ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 62,000 කින් ඉහළට

Saturday, 17 October 2020 - 10:07

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+62%2C000+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 62,212 ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 74 ලක්ෂය ඉක්මවනවා.

ඊයේ සිදුවූ මරණ 837 ක් සමඟින් ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාවද එක්ලක්ෂ 12,998 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දීය වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහන් කරන පරිදි ඉන්දියාව මේ වනවිට නව කෝටි විසි ලක්ෂයක් පී සී ආර් පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එමෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව 65 ලක්ෂ 24,000කට අධික බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර ඉන්දියානුවන් දුර්ගා දෙවඟන නැමදීමේ නවරාත්‍රී උත්සවය අද ආරම්භ කරනවා.