විදේශ සේවය සඳහා යන නව රාජතාන්ත්‍රික නිලධාරීන් හතරදෙනෙකු අගමැති හමුවෙයි

Saturday, 17 October 2020 - 13:48

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විදේශ සේවයට පත්වූ නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හතරදෙනෙකු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.

නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස පත්වූ මොහාන් පීරිස්, චීනයේ නව තානාපති ආචාර්ය පාලිත කොහොන, ජපානයේ නව තානාපති සාජිව් ගුණසේකර ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවූ බවයි එම මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

එමෙන්ම ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස පත්වූ සී ඒ චන්ද්‍රප්‍රේමද එහිදී අග්‍රාමාත්‍යවරයා හමුවී තිබෙනවා.

විදෙස් තානාපති සේවයට යන මෙම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සුබපැතුම් එක් කළ අතර, ඔවුන් තම තානාපති සේවාවන් සඳහා නොබෝ දිනකින් විදෙස්ගතවීමට නියමිතයි.