හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන සාක්ෂි ලබාදී පාස්කු කොමිසමෙන් පිටව යයි (වීඩියෝ)

Saturday, 17 October 2020 - 15:25

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැය තුනක පමණ කාලයක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදී ඉන් පිටව ගොස් තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා සාක්ෂි ලබාදීම සඳහා එම කොමිසම වෙත පැමිණියේ අද හතරවන දිනටයි.

අද පෙරවරු 10 ට පමණ එහි පැමිණි හිටපු ජනාධිපතිවරයා පස්වරු එකට පමණ සාක්ෂි ලබාදී ඉන් පිටව ගිය බව හිරු වාර්තාකරු සඳහන් කළා.

ලබන ඔක්තෝම්බර් 22 වනදා යළි කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට එහිදී හිටපු ජනාධිපතිවරයාට දැනුම්දී තිබෙනවා.