වව්නියාව ඕමන්ත ප්රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මත අද අලුයම මෙම ඝාතනය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තවත් පුද්ගලයෙකු පහරදීමෙන් බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මියගොස් ඇත්තේ ඕමන්ත ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි සිව්දරු පියෙක් සහ කරපට්ටමුරිප්පු ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.