ජසින්ඩා ආඩ්න් නවසීලන්ත මැතිවරණයේ දැවැන්ත ජයග්‍රහණයක් අභියස

Saturday, 17 October 2020 - 16:06

%E0%B6%A2%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F+%E0%B6%86%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%83
අද පැවති නවසීලන්ත මහ මැතිවරණයේ මූලික ප්‍රතිඵලවලට අනුව අගමැතිනි ජසින්ඩා ආඩ්න්ගේ කම්කරු පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරගනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා.

මුළු ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් එකක් ගණනය කර අවසන් වූ පසු ආඩ්න්ගේ කම්කරු පක්ෂය සිය ප්‍රධානතම ප්‍රතිවාදියා වන කන්සර්වේටිව් ජාතික පක්ෂය මෙන් දෙගුණයක් පමණ ඡන්ද ලබා සිටි බව සඳහන්.

මීට වසර විසි හතරකට පෙර නවසීලන්තයේ සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දීමෙන් පසු මෙතෙක් කිසිදු තනි පක්ෂයක් පාර්ලිමේන්තුවේ බහුතරයක් ජයග්‍රහණය කර නැහැ.

එහෙත් මෙවර අගමැතිනි ජසින්ඩා ආඩ්න්ට සුළු පක්ෂයක සහය නොමැතිව රජයක් පිහිටුවීමට හැකිවනු ඇතැයි අපේක්ෂිතයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය සාර්ථක ලෙස පාලනය කිරීම ඇගේ ජයග්‍රහණයට හේතුව ලෙස සැළකෙනවා.

මෙම මහ මැතිවරණයට සමගාමීව සුවකළ නොහැකි රෝගියෙකුට තවදුරටත් වේදනා රහිත මරණයක් අත්කරගැනීමේ අයිතිය සහ වැඩිහිටි පුද්ගලයන්ට කංසා අලෙවි කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණ දෙකක්ද පැවැත්වෙනවා.