තවත් කොරෝනා ආසාදිතයන් 73 දෙනෙකු හඳුනාගැනේ

Saturday, 17 October 2020 - 16:15

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+73+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයන් 73 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව වාර්තාවූ ආසාදිතයන්ගෙන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩල සාමාජිකයින් වනවා.

අනෙකුත් 71 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අද වාර්තාවූ ආසාදිතයන් 73 දෙනා සමඟින් මේ වනවිට බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1972ක්.