පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකුගේ වෑන් රථයක් කාත්තන්කුඩියේදී පොලිස් භාරයට

Saturday, 17 October 2020 - 16:29

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අයෙකු භාවිත කළ බව කියන වෑන් රථයක් සමඟ එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනයක් අනුව කාත්තන්කුඩි පොලීසිය ඊයේ මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තන්කුඩි - මඤ්ඤංතුඩුව ප්‍රදේශයේදියි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන මොණරාගල බන්ධනාගාරයේ රඳවා සිටින හනීෆා මොහොමදු අක්රම් නැමැත්තාට අයත් වෑන් රථයක් මෙලෙස පොලීසිය භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගෙන ඇති එහි රියදුරු ඔහුගේ ඥාති සහෝදරයෙකු බව සඳහන්.