ඔස්ට්‍රියාවේ විදේශ ඇමතිටත් කොරෝනා

Saturday, 17 October 2020 - 16:58

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
ඔස්ට්‍රියාවේ විදේශ කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ෂ්ලැන්බර්ග්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ලක්සම්බර්ග් නුවරදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර චෙක් ජනරජයෙන් දිනකදී වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ගතවූ පැය 24 තුළ වාර්තාවී තිබෙනවා.

ආසාදිතයන් 11,105 ක් එලෙස වාර්තාවීමත් සමඟ එරටින් වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ 60,112 ක්. චෙක් ජනරජයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1,283 ක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.