තනි ඇටයා ඝාතනය කිරීමට පොඩි ලැසී කළ සැලසුමක් සී.අයි.ඩී.යේදී හෙලි වෙයි

Saturday, 17 October 2020 - 17:46

%E0%B6%AD%E0%B6%B1%E0%B7%92+%E0%B6%87%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92+%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%93+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනිත් මධුසංක ද සිල්වා හෙවත් පොඩි ලැසීගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජනිත් නිශාන්ත හෙවත් තනි ඇටයා නැමැත්තා ගාල්ල බන්ධනාගාරයේ සිට බස් රථයකින් රැගෙන ඒමේදී ඝාතනය කිරීම සඳහා කර තිබූ සැලැසුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ, පසුගිය 15 වැනිදා එම දෙපාර්තමේන්තුව භාරයට ගත් පොඩි ලැසීගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි.

ඒ සඳහා උපයෝගී කර ගැනීමට නියමිතව තිබූ ලොරි රථයක්, මෝටර් රථයක් සහ මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක්ද ඊයේ සහ අද දිනවලදී පොලිස් භාරයට ගැනුණා.

ඒ, මීටියාගොඩ, උණවටුන සහ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලදීයි.

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණය වෙත රැගෙන ඒමේදී අත්අඩංගුවට ගත් ලොරි රථය හරස් කර බන්ධනාගාර බස් රථයේ සිටින ජනිත් නිශාන්ත හෙවත් තනි ඇටයා ඝාතනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අදාළ ලොරි රථය පොඩි ලැසීගේ සමීපතමයෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින විහඟ සම්පත්ගේ නමින් ලියාපදිංචි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

විහඟ සම්පත් එම දෙපාර්තමේන්තුව භාරයේ සිටින්නේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගත් මත්කුඩු තොගයක් කොළඹට රැගෙන ඒමේදී ඉන් කොටසක් හික්කඩුව ප්‍රදේශයට ගෙන ගොස් තිබීම සම්බන්ධයෙන්.