උසස් පෙළ විභාග අක්‍රමිකතාවක් ගැන ගුරු සංගමයකින් චෝදනා

Saturday, 17 October 2020 - 19:45

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
මීගමුව ප්‍රදේශයේ විදුහලක උසස් පෙළ තර්ක ශාස්ත්‍ර ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිදුව ඇතැයි පැවසෙන වංචාව පිළිබඳ විභාග දෙපාර්තුමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අදාළ විදුහලේ විදුහල්පතිවරයා විසින් උසස් පෙළ විභාගය අතරතුරදී පිටස්තර පුද්ගලයකුගෙන් දුරකතනය ඔස්සේ සහය ලබා ගනිමින් සිසුන්ට උත්තර පත්‍රය ලිවීමට සහයෝගය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන්.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් කියා සිටියේ අදාළ ගැටලුව පිළිබඳව විමර්ශන සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට භාරදිය යුතු බවටයි.