මහමැතිවරණයෙන් නවසීලන්ත අගමැතිනියට විශිෂ්ඨ ජයක්

Saturday, 17 October 2020 - 20:48

%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අද පැවති නවසීලන්ත මහ මැතිවරණයේ මූලික ප්‍රතිඵලවලට අනුව අගමැතිනි ජසින්ඩා ආඞ්න්ගේ කම්කරු පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

මහ මැතිවරණයෙන් ඇයගේ පක්ෂයට ආසන 64 ක් පමණ හිමිවනු ඇතැයි අපේක්ෂා කරන අතර, මීට පෙර නවසීලන්තයේ කිසිදු පක්ෂයකට එවැනි ආසන සංඛ්‍යාවක් මහ මැතිවරණයෙන් ලැබී නැහැ.

මීට වසර විසි හතරකට පෙර නවසීලන්තයේ සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දීමෙන් පසු මෙතෙක් කිසිදු තනි පක්ෂයක් පාර්ලිමේන්තුවේ බහුතරයක් ජයග්‍රහණය කර නැහැ.

එහෙත් මෙවර අගමැතිනි ජසින්ඩා ආඞ්න්ට සුළු පක්ෂයක සහය නොමැතිව රජයක් පිහිටුවීමට හැකිවනු ඇතැයි අපේක්ෂිතයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය සාර්ථක ලෙස පාලනය කිරීම ඇගේ ජයග්‍රහණයට හේතුව ලෙස සැළකෙනවා.