පාඨලී, පූජිත් සහ ඉලංගකෝන්ට දේශපාලන පළිගැනීම් කොමිසමෙන් සිතාසි (වීඩියෝ)

Sunday, 18 October 2020 - 7:03

%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93%2C+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක, හිටපු පොලිස්පතිවරුන් වන එන්.කේ ඉලංගකෝන් සහ පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට ලබන 20 වනදා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි ඊයේ සිතාසි නිකුත් කෙරුණා.

ඒ, අමාත්‍ය උදය ගම්මන්පිල කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි.

1997 වසරේදී ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකසා ඕස්ට්‍රේලියාවේ බ්‍රයන් ජෝන් ෂැඩික් නැමැත්තාට අයත් සමාගම් කොටස් විකුණා ඇති බවට ව්‍යාජ සාක්ෂී ගොනු කරමින් යහපාලන ආණ්ඩු සමයේදී තමාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩූ පැවරීම දේශපාලනිකව පලි ගැනීමේ අරමුණින් සිදු කර ඇති බවට අමාත්‍ය උදය ගම්මන්පිල ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

ඔහු සදහන් කළේ බ්‍රයන් ජෝන් ෂැඩික් නැමැත්තාගේ ඇටර්නී බලකරු ලෙස පෙනී සිටි ලසිත පෙරේරා නැමැත්තා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර සාධාරණයක් ඉටු කරන්නැයි 2015 ජූනී 17 වැනිදා එවකට සිටි පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

එම පැමිණිල්ලට අදාළ විමර්ශන ආරම්භ වන තුරු බ්‍රයන් ජෝන් ෂැඩික් ඔහු සතු සමාගම් කොටස් පිළිබඳව මෙන්ම මුදල් පිලිබදව වසර 18ක් පුරා කිසිම ආකාරයකින් තමාගෙන් විමසා නොමැති බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

2015 ජනාධිපතිවරණයේදී තමා පාඨලී චම්පික රණවක ලේකම් ධුරය දැරූ ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී පිවිතුරු හෙළ උරුමය නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කිරීම මෙම පදනම් විරහිත නඩු පැවරීමට හේතු වූ  බවයි අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ.

ඔහු පැවසුවේ එවකට සිටි පොලිස්පතිවරුන් වන එන් කේ ඉලංගකෝන් මෙන්ම පූජිත්  ජයසුන්දර ඔහුගේ සමීපතමයකු වන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ  අධ්‍යක්ෂ මෙවන් සිල්වා සහ නීතිපති දෙපාර්තමේන්තුව ද තමාට එරෙහිව මෙම පදනම් විරහිත නඩු පැවරීමට යොදා ගෙන ඇති බවයි.

විදේශිකයෙකුට තමා මුදල් වංචා කර ඇති බව පවසමින් තමාගේ කීර්තී නාමයට අගතියක් සිදු කල පිරිස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍ය උදය ගම්මන්පිල කොමිසමෙන් ඉල්ලීමක් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ පස්වරුවේ දේශපාලන පලි ගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණියා. ඒ සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩී .එස් ජයවීර කළ පැමිණිල්ලකට අදාළවයි.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කල දේශීය සංචාරකයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩු සමයේදී  අසත්‍ය චෝදනා ගොනු කර නඩු පැවරීම දේශපාලනිකව පලි ගැනීමේ චේතනාවෙන් සිදු කර ඇති බවටයි ඩී.එස් .ජයවීර  කොමිසමට පැමිණිලි කර තිබුණේ.