පොලිස් බල ප්‍රදේශ 19 ඇඳිරි නීතිය තවදුරටත් - සෞඛ්‍ය රෙගුලාසි දිවයිනටම තදින් (වීඩියෝ)

Sunday, 18 October 2020 - 7:25

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+19+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B7%99%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%B8+%E0%B6%AD%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය අද දිනයේත් බල පැවැත්වෙනවා.

එමෙන්ම, අදාළ ප්‍රදේශවල ඔසුසැල් සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන තවදුරටත් වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

මේ අතර, ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි නව සෞඛ්‍ය රෙගුලාසි දිවයින පුරාම දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සිටින පුද්ගලයින්ද මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුර පවත්වා ගැනීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කළා.