පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිස් සැරයන්වරයෙක් ඇතුලු 8ක් අත්අඩංගුවට - ඕ.අයි.සී. ටත් මාරුවක් (වීඩියෝ)

Sunday, 18 October 2020 - 7:36

%E0%B6%B4%E0%B7%96%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%95.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.+%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගයෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු ඇතුලු සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත තවදුරටත් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම, අදාළ පොලිසියේ ස්ථානාධිපතිවරයාටද ස්ථාන මාරුවක් ලබාදී ඇති අතර, ඔහු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොල්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු පසුගිය 11 වනදා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළවයි.

අත්අඩංගුවේ සිටියදී හදිසියේ අසනීප වූ ඔහු, පූගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රාගම රෝහලට මාරුකර යැවුණා.

එහිදී මෙම පුද්ගලයා මියගොස් තිබූ අතර, ඔහුගේ බිරිඳ පොලීසියට පැමිණිලි කර තිබුණේ තම සැමියාට අත්අඩංගුවට ගත් දින රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදී තිබූ බවටයි.

මේ අතර, පොලිසිය අත්අඩංගුවට ගැනීමට යාමේදී හෙරොයින් ගිල දැමීම නිසා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ හික්කඩුව - කලුපේ ප්‍රදේශයේ කාන්තාව පහරදීමකින් මියගොස් නොමැති බවට මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගියදා ප්‍රදේශවාසීන් හික්කඩුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිරතවෙමින් ප්‍රකාශ කළේ පොලිසිය කළ පහරදීමකින් අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත්වූ බවටයි.