ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයන් හාරලක්ෂයක් - ඉතාලියේ නව සීමා පැනවේ

Sunday, 18 October 2020 - 7:57

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%9A
ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ ප්‍රථම වරට හාරලක්ෂයේ සීමාව ඉක්මවා ගියා.

විශේෂයෙන් කොරෝනා ව්‍යාප්තිය සාර්ථක ලෙස මැඩපවත්වා සිටි යුරෝපයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ යාමක් දැකිය හැකියි.

පසුගිය සතිය පුරාම යුරෝපයේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ 40,000 ඉක්මවූවා.

ඒ අනුව කලාපයක් ලෙස යුරෝපය, ඉන්දියාව, බ්‍රසීලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඒකාබද්ධ නව ආසාදිත සංඛ්‍යාව ඉක්මවනවා.

රොයිටර් විශ්ලේෂණයට අනුව ලොව පුරා වාර්තාවන සෑම නව ආසාදිතයන් 100 දෙනෙකුගෙන් 34 දෙනෙකුම යුරෝපයෙන් වාර්තාවීම විශේෂත්වයක්.

එමෙන්ම කලාපයේ සෑම දින 9 කට වරක් නව කොරෝනා ආසාදිතයන් මිලියනයක් එක්වන බව සඳහන්.

එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය පසුගිය සතියේ යුරෝපයේ නව කොරෝනා ආසාදිතයන්ගෙන් අඩක් වාර්තා කළා.

එමෙන්ම ගෝලීය වසංගතය ආරම්භ වූ පසු ඉතාලියේ වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාව සිකුරාදා වාර්තා වුණා.

මෙම තත්ත්වය යටතේ රට පුරා නව සීමා පැනවීමට ඉතාලි රජය පියවර ගෙන තිබෙනවා.