තේවලට ඉහළ මිලක්

Sunday, 18 October 2020 - 8:10

%E0%B6%AD%E0%B7%9A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය නිසා ඉන්දියාවේ නිෂ්පාදනය අඩාලවීම හේතුවෙන් මෙරට තේ නිෂ්පාදනය සඳහා ඉහළ මිලක් හිමිවී තිබෙනවා.

විශේෂයෙන් චීන සහ රුසියානු තැරැව්කරුවන් මෙලෙස ශ්‍රී ලංකා තේ වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළඹී ඇති බවයි වාර්තාවන්නේ.

රුසියාව මේ වනවිට තේ තොග රැස් කරන්නේ එළඹෙන ශීත ඍතුව ඉලක්ක කරගෙනයි.

කෙසේ නමුත් ගෝලීය වසංගතය හේතුවෙන් මෙවර ශීත ඍතුව සඳහා බොහෝ  රටවලින් ලැබෙන ඇනවුම් අඩු වී ඇති බව සඳහන්.

පසුගිය තේ වෙන්දේසියේදී තේ කිලෝග්‍රෑම් මිලියන 5.3 ක් අලෙවි වූ අතර, ප්‍රමිතිය පවත්වාගැනීම සඳහා වතු යායන් හි තබා අලෙවි කළ තේ තොගය කිලෝග්‍රෑම් හයලක්ෂයක්.