ග්ලයිෆොසේට් වල්නාශක තොගයක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට

Sunday, 18 October 2020 - 9:08

%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B7%9C%E0%B7%83%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ග්ලයිෆොසේට් තහනම් වල් නාශක පැකට් තොගයක් ළඟ තබාගත් සැකකරුවන් තුන්දෙනෙකු නොරොච්චෝලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ සිදුකළ වැටලීමකදියි.

ග්‍රෑම් 100 බැගින් ඇසුරුම් කළ ග්ලෆොසේට් පැකට් 797 ක් මෙලෙස සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ නොරොච්චෝලේ ප්‍රදේශයේ පවත්වාගෙන යන ගොවිපලවලට යෙදීම සඳහා මොවුන් තහනම් වල්නාශක තොගය ළඟ තබාගෙන සිට ඇති බවටයි.