වෙළඳසැලක් ගින්නකින් විනාශ වෙයි

Sunday, 18 October 2020 - 9:35

%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තලවකැලේ නගරයේ පිහිටි සිල්ලර වෙළඳසැලක් ගින්නකින් විනාශවී තිබෙනවා.

අද (18) අලුයම මෙම ගින්න හටගෙන ඇති අතර විදුලි කාන්දුවක් ඊට හේතුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

පැතිර යමින් තිබූ ගින්න තලවකැලේ ලිඳුල නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව නිවා දමා තිබෙනවා.

අලෙවි කිරීමට තිබූ ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ රැසක් ගින්නෙන් විනාශවී ඇති අතර සිදුවූ අලාභය තක්සේරු කර නැහැ.

තලවකැලේ පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.