පාප් වහන්සේගේ නිවහනේ පුද්ගලයෙකුටත් කොරෝනා ආසාදනය වේ

Sunday, 18 October 2020 - 10:26

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%9A
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ වතිකානු නිවහනේ සිටි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීම නිසා උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමකට ලක්ව ඇති බව වාර්තා වනවා.

කෙසේ නමුත් පාප්වහන්සේගේ සැන්ටා මාර්තා නිවහනේ සිටි එම පුද්ගලයා ඔහුගේ සමීපතමයන් සමඟ ඉන් නික්මී හුදකලා වී ඇති බව සඳහන්.

වතිකානුව නිවේදනය කළේ පාප්වහන්සේගේ කාමර සහ නිවහන් 130 කින් සමන්විත එම නිවහන් සංකීර්ණයේ සිටි පුද්ගලයෙකුට මෙලෙස රෝග ලක්ෂණ පෙන්නුම් නොකරමින් වෛරසය ආසාදනය වී ඇති බවයි.

ආජන්ටිනා ජාතික, ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ යොවුන් වියේදී රෝගයකට ගොදුරු වීමෙන් එක් පෙණහැල්ලක කොටසක් ඉවත් කළ අයෙක්.

මේ නිසා උන්වහන්සේ නිරන්තරයෙන් කොවිඩ් 19 පරීක්ෂාවන්ට ලක් කෙරෙනවා.