ශ්‍රී ලංකාවේ උපන් කාන්තාවක් නවසීලන්ත පාර්ලිමේන්තුවට (වීඩියෝ)

Sunday, 18 October 2020 - 10:43

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙවර නවසීලන්ත මහ මැතිවරණයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනුෂි වෝල්ටර්ස් එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උපත ලද අයෙකු නවසීලන්ත පාර්ලිමේන්තුවේ අසුනක් දිනාගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

අගමැතිනි ජසින්ඩා ආඩ්න්ගේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඇය වයඹ ඕක්ලන්ඩ් කලාපයේ අසුනකින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

39 හැවිරිදි වනුෂි වෝල්ටර්ස් මානව හිමිකම් පිළිබඳ නීතිඥවරියක මෙන්ම නවසීලන්ත මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරියකද වනවා.

මේ අතර,  මෙවර නවසීලන්ත මහ මැතිවරණයෙන් වාර්තාගත විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගත් කම්කරු පක්ෂ අගමැතිනි ජසින්ඩා ආඩ්න් ඉදිරි සති තුන තුළ නව රජයක් පිහිටුවන බව ප්‍රකාශ කළා.

කෙසේ නමුත්, එය තනි පක්ෂ රජයක්ද නැතහොත් සන්ධානයක්ද යන්න ඇය හෙලිදරව් කළේ නැහැ.

ආඩ්න්ගේ මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂය ඊයේ වාර්තා කළේ අඩසියවසකින් නවසීලන්ත දේශපාලන පක්ෂයක් ලබාගත් විශාලතම ජයග්‍රහණයයි.

එමෙන්ම, 1996 වසරේ සමානුපාතික නියෝජනය හඳුන්වාදීමෙන් පසු ඕනෑම පක්ෂයක් බහුතරය හිමිකරගත් පළමු අවස්ථාවද මෙය වනවා. ආසන 120කින් යුත් නවසීලන්ත පාර්ලිමේන්තුවේ ආසන 64 ක් කම්කරු පක්ෂයට හිමිව ඇති අතර, පසුගිය වසර 03 තුළ හරිත පක්ෂයද පාලක සන්ධානයට එක්ව කටයුතු කළා.