වියට්නාමයේ නායයෑමකින් සොල්දාදුවන් විසි දෙදෙනෙකු අතුරුදන්

Sunday, 18 October 2020 - 11:19

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
මධ්‍යම වියට්නාමයේ ක්වැන්-ටි්‍ර ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් සොල්දාදුවන් විසි දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එම ප්‍රදේශය දැඩි වර්ෂාපතනයට සහ ජල ගැලීම්වලට මුහුණ දෙන බවයි.

මේ මාසය තුළ එහි සිදුවූ ආපදාවලින් මියගිය සංඛ්‍යාව 64ක්.

ඉදිරි දින කිහිපය තුළද දැඩි වර්ෂාපතනයක් ඇතිවන බවටයි අනාවැකි පළ වන්නේ.

නායයෑමට හසුව ඇත්තේ වියට්නාම හමුදා බැරැක්ක පෙලක් බව සඳහන්.

මෙලෙස සොල්දාදුවන් විසි දෙදෙනෙකු අතුරුදන්වීමට පෙර දිනයේදීද යාබද ප්‍රාන්තයේ තවත් නායයෑමකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඉන් වැඩි පිරිසක් හමුදා සොල්දාදුවන්.