ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 75 ලක්ෂයට ළං වෙයි

Sunday, 18 October 2020 - 13:09

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+75+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් කොරෝනා ආසාදිතයින් 61,871 ක් වාර්තා වීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 74 ලක්ෂ 94,551 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, ඊයේ දිනයේ සිදුවු මරණ 1,033 ත් සමඟ ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාවද එක් ලක්ෂ 14,031 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ නමුත්, ඉන්දියාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අඩුවීමක් දක්නට ලැබෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව දෙවන දිනටත් අට ලක්ෂයකට අඩු සංඛ්‍යාවක් ලෙස සටහන් වූ බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.