කොවිඩ් 19 පරීක්ෂණයෙන් ලෝකය අසමත් - ජගත් මහ ලේකම් කියයි

Sunday, 18 October 2020 - 13:25

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ වතිකානු නිවහනේ සිටි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීම නිසා උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමකට ලක්ව ඇති බව වාර්තා වනවා.

කෙසේ නමුත් පාප්වහන්සේගේ සැන්ටා මාර්තා නිවහනේ සිටි එම පුද්ගලයා ඔහුගේ සමීපතමයන් සමඟ ඉන් නික්මී හුදකලා වී ඇති බව සඳහන්.

වතිකානුව නිවේදනය කළේ පාප්වහන්සේගේ කාමර සහ නිවහන් 130කින් සමන්විත එම නිවහන් සංකීර්ණයේ සිටි පුද්ගලයෙකුට මෙලෙස රෝග ලක්ෂණ පෙන්නුම් නොකරමින් වෛරසය ආසාදනය වී ඇති බවයි.

ආජන්ටිනා ජාතික, ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ යොවුන් වියේදී රෝගයකට ගොදුරු වීමෙන් එක් පෙණහැල්ලක කොටසක් ඉවත් කළ අයෙක්.

මේ නිසා උන්වහන්සේ නිරන්තරයෙන් කොවිඞ් 19 පරීක්ෂාවන්ට ලක් කෙරෙනවා.

මේ අතර, බෙදුනු ලෝකය කොවිඩ් 19 ගෝලීය වසංගතයේ අභියෝගයට එරෙහිව නැගී සිටීමට අසමත් වී ඇතැයි ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කළා.

ඔහු එහිදී අනතුරු අඟවා සිටියේ ඒකාත්මික ක්‍රියාමාර්ගයකින් තොරව මිලියන සංඛ්‍යාත ලෝකවාසීන් දුප්පත්කම සහ සාගින්නට ගොදුරු වනු ඇති බවයි.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට තුන්කෝටි 99 ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 11 ලක්ෂ 14,000 කට අධිකයි.

ජගත් සංවිධාන මහ ලේකම්වරයා සඳහන් කළේ කොවිඞ් 19 ගෝලීය වසංගතය සමස්ත ලෝක ප්‍රජාවටම එල්ල වී ඇති අභියෝගයක් වන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස තමාටද අභියෝගයක් බවයි.

එය ලෝක ප්‍රජාව පරීක්ෂාවට ලක් කිරීමක්ද වන අතර, අවාසනාවන්ත ලෙස එයින් මේ වනවිට ලෝකය අසමත් වී තිබෙනවා.

එක්සත්ව කටයුතු කිරීමට ලෝකය අපොහොසත්වීම එම තත්ත්වයට හේතුව ලෙස ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් හැඳින්වූවා.