ගම්පහ තවත් උසස් පෙළ සිසුවියකට කොරෝනා (වීඩියෝ)

Sunday, 18 October 2020 - 17:02

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ගම්පහ ප්‍රසිද්ධ බාලිකා පාසලක විභාග මධ්‍යස්ථානයක මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇති බව අද(18) තහවුරු වුණා.

ඇය කොළඹ අයි.ඩි.එච් රෝහල වෙත යොමුකර ඇති අතර ඇයගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින මෙම සිසුවියට අයි.ඩී.එච් රෝහලේ කොරෝනා අසාදිත උසස් පෙළ අපේක්ෂකයන් වෙනුවෙන් වෙන් කර ඇති විභාග මධ්‍යස්ථානයේදි හෙට(18) යළි විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත ප්‍රකාශ කළේ.

එමෙන්ම, පසුගිය දින කිහිපය තුල ඇය විභාගයට පෙනි සිටි විභාග මධ්‍යස්ථානයේ සෙසු සිසුවියන් සදහා ද වෙන් කල මධ්‍යස්ථානයක විභාගය පැවත්වීමට කටයුතු යොදා ඇති බවද  ඔහු කියා සිටියා.