විශ්වවිද්‍යාල විභාග ඔන්ලයින් ක්‍රමයට

Monday, 19 October 2020 - 7:33

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7
විශ්වවිද්‍යාල විභාග ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පැවැත්වීම කෙරෙහි අවදාන යොමුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ රට තුළ පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ විභාග අඩාල වීමකින් තොරව පවත්වා ගෙන යාමට එම පියවර ගන්නා බවයි.

මේ පිළිබදව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරු දැනුවත් කිරීමට සහ ඊට අදාළ වැඩපිළිවෙල සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන බව ද ඔහු කියා සිටියා.

මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කොරෝනා ආසාදිත සිසුවියක් හමුවීමත් සමඟ නිරෝධායනයට ලක් කළ ඇයගේ පළමු මට්ටමේ ආශ්‍රිතයන් 35 දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ඒ, ඔවුන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවන්වලදියි. ඒ අනුව නිරෝධායනයට යොමු කළ එම පිරිස මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බවයි විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සඳහන් කළේ.